Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිගේ සාකච්ඡාව මැද්දේ ඇමතිවරු දෙන්නෙක් මත ගැටුමක

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග ඊයේ (19) පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරුන් දෙදෙනෙකු අතර මත ගැටුමක් ඇති වී තිබෙනවා.

ඩිලාන් පෙරේරා සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් අතර මෙම මත ගැටුම හටගත් බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ අමාත්‍යවරුන් දෙදෙනො අතර උණුසුම් සංවාදයක් ඇති වී තිබෙනවා.