Friday, March 29, 2024

General line - 0115112241

ඉවසීමෙන් ඉන්න මම රැඩිකල් තීන්දුවක් ගන්නවා - ජනපති කියයි

හේමන්ත කහවලගේ




නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ විපක්ෂයට එක්වීමට අවස්ථාව ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග ඊයේ (19) පැවති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

කෙසේවෙතත් එහිදී ජනාධිපතිවරයා නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ ඉදිරි මාසයක කාලය තුළ තමන් රැඩිකල් තීන්දුවක් ගැනීමට සුදානම් බවයි.

ඒ හේතුවෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසටද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

මේ අතර, අග‍්‍රාමාත්‍ය ධුරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රියාණි විජේවික‍්‍රම මෙම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ.