Saturday, April 20, 2024

General line - 0115112241

වැලිකඩ ගැටුම ගැන ප්‍රකාශයක් දුන් නිලධාරියා මාසයක් තිස්සේ සේවයට ඇවිත් නෑ

නිශාන් ද සිල්වා




මහර බන්ධනාගාරයේ සේවය කරන සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා කර නොමැති බව බන්ධනාගාර ආරංචි පවසනවා.

සේවය හැර ගියා සේ සලකා ඔහුට ලිපියක්ද යොමුකර ඇති බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

නිසි ක‍්‍රමවේදයෙන් බැහැරව අසනීප නිවාඩු වාර්තා කර මෙම සහකාර බන්ධනාගාර අධිකාරිවරයා සේවයට වාර්තා කර තිබුණේ නැහැ. 

2017 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අවස්ථාවේ මෙම සහකාර බන්ධනාගාර අධිකාරියවරයා සේවය කර ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා ආරක්‍ෂණ ඒකකයේ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පසුව ඔහු මහර බන්ධනාගාරයට ස්ථාන මාරු කළ බවයි බන්ධනාගාර ආරංචි සඳහන් කළේ. වැලිකඩ බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගෙන් මීට පෙර ප‍්‍රකාශ ලබාගත් බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියාසිටියා.