Thursday, April 25, 2024

General line - 0115112241

සිරියානු හමුදාවට චෝදනා




ගතවූ කාල සීමාවේදී සිරියානු හමුදාව විසින් එරට දමස්කස් අගනුවර නැගෙනහිර ආරක්ෂක කොටසේ සිවිල් වැසියන් විශාල ප‍්‍රමාණයක් ඝාතනය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය සිදු කළ නිරීක්ෂණයකදීයි.

ඔවුන් පවසන්නේ පසුගිය සඳුදා එල්ල වූ ප‍්‍රහාර හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

වෛද්‍ය ප‍්‍රතිකාර සිදු කරන ස්ථානවලටද ප‍්‍රහාර එල්ල වීම ද මිය යන ප‍්‍රමාණය වැඩි වීමට හේතුවක් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තාවකාලික රෝහල් 04ක් සහ මාතෘ සායනයක් ද ඉකුත් සඳුදා එල්ල කළ ප‍්‍රහාරවලින් විනාශයට පත් වී තිබෙනවා.