Friday, April 26, 2024

General line - 0115112241

රෑට රෑට රත්නපුරයේ විදුලි රැහැන් පුරා අඟලෙන් අඟලට වසා සිටින කුරුල්ලන්ගේ කතාව (VEDIO/PHOTOS)

චම්ලි ඒකනායක




සෑම වර්ෂයකම මාස ගණනාවක්, රාත්‍රී කාලයට රත්නපුර නගරයේ විදුලි රැහැන් මත ලැගුම් ගන්නා කුරුළු විශේෂයක් වෙයි. අවසන් හිරු එළිය වියැකෙන්නට ඔන්න මෙන්න තිබියදි විනාඩි 30ට නොවැඩි කාලයක් තුළ මෙම දස දහස් සංඛ්‍යාත කුරුළු රෑණ රත්නපුර "සෙන් ලුක්" හංදිය නමින් ප්‍රසිද්ධ මංසන්ධිය අවට ඇති විදුලි රැහැන් වසා වසා ලනු දැකිය හැකිය. 

මේ වැහි ළිහිණි විශේෂයක් බවයි ජේ්‍යෂ්ඨ පරසරවේදී, නීතීඥ ජගත් ගුණවර්ධන පවසන්නේ. සෑම වර්ෂයකම සැප්තැම්බර් සිට මාර්තු දක්වා කාලයේ මෙම සංක්‍රමණික කුරුළු විශේෂය දක්නට ලැබෙන බවයි ඔහු පවසන්නේ.

"ගතවූ කාලයත් එක්ක බැලුවාම මේ කුරුළු විශේෂය රත්නපුර නගරයේ ලැගුම් ගැනීම ක්‍රමයෙන් වැඩි වන බවක් පේන්න තියෙනව. නමුත් රත්නපුරයේ විතරක් නෙවෙයි, ඇහැළියගොඩ, කහවත්ත, මතුගම වැනි නගරවලත් මේ කුරුල්ලෝ දක්නට ලැබෙනව. නමුත් රත්නපුරයේ එය කැපී පෙනෙන තරම් වනවා. නුගේගොඩ රත්මලාන වැනි නගරවල්ත් කලකට ඉහත මේ කුරුල්ලන් ලැගුම් ගත්තා. විශාල රංචු වශයෙන් ලැගුම් ගැනීම තමයි මොවුන්ගේ විශේෂම ලක්ෂණය." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා. 

රාත්‍රී කාලයේදී එකම ස්ථානයක ලැගුම්ගෙන සිටින මෙම වැහි ළිහිණිගේ ආහාර රටාව නම්, දිවා කාලයේදී කෘමි සතුන් ගුවනේදීම ආහාරයට ගැනීම බවයි ඔහු පවසන්නේ.

මෙම වැහි ළිහිණින් දිවා කාලයේ ලැගුම් ගන්නා ස්ථාන වලින් කිලෝමීටර් දහය පහළව තරම් දුර බැහැර ගම්මාන වලදී කිහිප දෙනා ලෙසින් ගෙවතු සහ නිවාස ආශ්‍රීතව දක්නට ලැබෙනවා.