Saturday, April 20, 2024

General line - 0115112241

ඇමතිවරු තිදෙනෙක් කැබිනට් රැස්වීමට නෑ (UPDATE)

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමට අමාත්‍යවරුන් තිදෙනෙක් පැමිණ සිටියේ නැහැ.

ඒ අමාත්‍ය දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි සහ සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයායි.

නමුත් අනෙක් සියලු කැබිනට් අමාත්‍යවරු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණ සිටි අතර සාමාන්‍ය පරිදි රැස්වීම පැවැත්වුණු බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

 

--------------------------------

අද රැස්වූ කැබිනට් මණ්ඩලය හෙට කරන්න යන දේ ගැනත් සාකච්ඡා කරයි

(20-02-2018 11:22)

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

හෙට (21) සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.