Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ මහා පරිමාණ බැංකු කොල්ලයක්

හර්ෂිකා සංජීවනී




ඉන්දියාවේ මහා පරිමාණ බැංකු කොල්ලයක් සිදුව තිබෙනවා.

එය බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක ජාලයට පිවිස අමෙරිකානු ඩොලර් මිලියන 81ක් කොල්ල කෑ සිද්ධියට සමාන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  

නව දිල්ලි නුවර පිහිටි බැංකුවක මෙම කොල්ලය සිදුව තිබෙනවා.

බැංකු පරිපාලනය මුලින් සැක කර ඇත්තේ එය බැංකු ජාලයේ සන්නිවේදන බිඳ වැටීමක් ලෙසයි. එහෙත් හැකර්වරුන් විසින් බැංකුවේ ගෙවීම් සිය ගිණුම්වලට හරවාගෙන ඇති බව පසුව අනාවරණ වී තිබෙනවා. ඔවුන් එලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2කට වැඩි ප‍්‍රමාණයක් ඉවත් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.