Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති බලශක්ති අර්බුධයට විසඳුම තායිලන්තයෙන් ගෙනෙයි




ජලවිදුලි බලාගාර ආශිතව කෘතිම වැසි ඇති කිරිමට තායිලන්ත රජයේ සහය ලබා ගැනිමට සුදානම් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ මෙරට බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙසනි. තායිලන්ත රජයේ විදුලිබල කේෂත්‍රයේ නියෝජිත හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

1980 වසරේ දී තායිලන්තය මෙම කෘතිම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් පේටන් බලපත්‍රය පවා ලබා ගෙන ඇති බව ද පැවසු අමාත්‍යවරයා මෙරට පවතින අස්ථාවර වු වැසි රටාව හේතුවෙන් මෙවැනි කෘතිම වැසි ඇති කිරීමකට යොමු වු බව ද කියා සිටියේය.