Thursday, March 28, 2024

General line - 0115112241

පරිවර්තනය නැති නිසා මැති සබය කල් යයි

සමන්ත කුමාර




මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනපති කොමිසමේ වාර්තාවේ සහ මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිසමේ වාර්තාවේ භාෂා පරිවර්තනයන් නොමැති වීම හේතුවෙන්  පාර්ලිමේන්තුව අද (20) කල් තබා තිබෙනවා.

ඒ අනුව හෙට (21) දිනයේ දී යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පරිවර්තන වාර්තා නොමැති වීම ගැන දෙමළ ජාතික සන්ධානය අද (20) පාර්ලිමේන්තුවේ දී විරෝධය පළ කිරීම හේතුවෙන් හෙට පස්වරු 1.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණා.