Friday, March 29, 2024

General line - 0115112241

පැසැල් සිසුන්ට ටැබ් දීම ජනපති නියෝගයෙන් නවතී

චම්ලි ඒකනායක




2017 වසර සඳහා වූ අය වැය යෝජනාවක් වූ පාසැල් දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් ලබා දීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයා විසින් අත්හිටුවා තිබෙනවා.

අමාත්‍යංශ ප්‍රකාශකයකු පැවසුවේ 2017 වසර සඳහා ඉදිරිපත් කළ අය වැයෙන් රුපියල් බිලියන 5 (කෝටී 500ක්) මේ සඳහා වෙන් කළ බවයි. ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස  උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට ටැබ් ලබා දීමට යෝජනා කෙරුණ අතර, ඒ සඳහා අවශ්‍ය ටැබ් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් ටෙන්ඩර් මණ්ඩලයක්ද පත් කරනු ලැබුවා.

මෙම ටෙන්ඩරය හිමි වූයේ මෙරට ප්‍රමුඛ පෙළේ, පරිගනක ගෙන්වීමේ අයතනයකටය. ඒ සඳහා අදාල සමාගම ඉදිරිපත්කර තිබූ මිල ගණන වූයේ බිලියන 7.4කි. අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා තාක්ෂණික කමිටුවක්ද කැබිනට් මණ්ඩලය විසින් පත් කෙරුණා. අනතුරුව එම කමිටුව විසින් කරන ලද අධ්‍යනයෙන් හෙළිවූ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

පසුගිය කැබිනට් හමුවට ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද විෂයබාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරුණා. නමුත් එම කටයුත්ත ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති බවයි අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ.