Wednesday, April 17, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට රතු වරෙන්තු නිකුත් කළ නොහැකි හේතුව සම්බන්ධයෙන් INTERPOL කරුණු හෙළි කරයි

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කළ නොහැකි බව ජාත්‍යන්තර පොලිසිය පවසනවා.

එමෙන්ම අධිකරන සිතාසි ඔහු වෙත යොමු කිරිම තම කාර්ය භාරය නොවන බවත් එය ප්‍රංශ නීතියට අන්තර්ගත වී නොමැති බවත් ජාත්‍යන්තර පොලිසිය පෙන්වා දෙනවා.

ඔවුන් සතු රාජකාරිය අදාළ රටවල නිලධාරින් නිසි ලෙස වටහා ගත යුතු බවත් ජාත්‍යන්තර වශයෙන් වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයන් දුටු තැන අත්අඩංගුවට ගෙන අදාළ රට වෙත භාරදීම පමණක් තම වගකීම බවයි ජාත්‍යන්තර පොලිසිය සඳහන් කර ඇත්තේ.

එසේ නොමැතිව පුද්ගලයෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිහි කැඳවීම හෝ සිතාසි භාරදීම තම වගකීමක් නොවන බවයි ඔවුන් අනාවරණය කර තිබෙන්නේ.

එම නිසා ජාත්‍යන්තර පොලිසියේ කාර්ය භාරය කුමක්දැයි ශ්‍රී ලංකාව අවබෝධ කර ගත යුතු බවත් ජාත්‍යන්තර පොලිසිය සඳහන් කළා.

අර්ජුන් මහේන්ද්‍රන් නැමති පුද්ගලයා තමන් ඉදිරියේ සිටියත් අත්අඩංගුවට ගත නොහැකි බවත් ඔහුට එරෙහිව ක්‍රියා කළ නොහැකි බවත් කියා සිටින ජාත්‍යන්තර පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස මෙතෙක් ශ්‍රී ලංකා පොලිසිය විසින් තමන් වෙත දැනුම් දී නොමැති බවයි.

චුදිතයෙකු සම්බන්ධයෙන් ඇතුළත් සියළු දත්ත වාර්තාව තමන් වෙත ලැබීමෙන් පසුව ජාත්‍යන්තර පොලිසිය මගීන් එම පුද්ගලයාට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර පොලිසිය පැවසුවා.