Saturday, April 20, 2024

General line - 0115112241

ටොන්ගා රාජ්‍යයට පාර්ලිමේන්තුව අහිමි කළ ගිටා සුළි සුළඟ නවසීලන්තයට

බී.බී.සී ඇසුරෙන්




ඉකුත් සතියේදී පැසිෆික් දූපත් හරහා හමා ගිය ප‍්‍රබල ගිටා සුළි කුණාටුව නවසීලන්තයට හෙට  (21) ඇතුළු වනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ඒ අනුව, නවසීලන්තයේ කි‍්‍රස්චර්ච් සහ තවත් ප‍්‍රධාන නගර දෙකකට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පැයට කිලෝ මීටර් 150ක පමණ ප‍්‍රබල සුළං ප‍්‍රවාහයන්ද සමගින් ගිටා, නවසීලන්තයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂිතයි. ඊට පූර්ව සූදානමක් ලෙස දකුණු දූපතේ පිහිටි පාසල් සහ මහා මාර්ග රැසක් වසා දමා තිබෙනවා.

එසේම උතුරු දූපතේ ගුවන් ගමන් වාර රැසක්ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. ඉකුත් සතියේදී පැසිෆික් දුපත හරහා ප‍්‍රචණ්ඩ ලෙස හමා ගිය ගිටා සුළිකුණාටුවෙන් ටොන්ගා රාජ්‍යයේ පාර්ලිමේන්තුවද සම්පූර්ණයෙන් විනාශ වුණා.