Saturday, April 20, 2024

General line - 0115112241

සිංගප්පුරුව ජනතාව වෙනුවෙන් ගත් තීරණය ලොවම මවිත කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝකයේම අවධානය දිනා ගනිමින් සිංගප්පූරු රජය 2017 වසරේ සිය අයවැය අතිරික්තය, ප‍්‍රසාද දීමනාවක් ලෙස ජනතාව අතරේ බෙදා හැරීමට තීරණය කර තිබෙනවා.

2018 අයවැය ඉදිරිපත් කරමින් එරට මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ රටේ සංවර්ධන ඵලදායීතාව සියළු වැසියන් සමග බෙදා ගන්නා බවයි.

ඒ අනුව වයස අවුරුදු 21 හි පසුවන්නන්ට හා එම වයස්සිමාවෙන් ඉහළ සෑම පුද්ගලයෙකු හටම මෙම ප‍්‍රසාද දීමනාව හිමිවනු ඇති.

පසුගිය වසරේදී සිංගප්පූරු රජයේ අයවැය අතිරික්තය අමෙරිකානු ඩොලර් බිලියන 7.6ක්. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 533 ක මුදලක් ප‍්‍රසාද දීමනා වශයෙන් ජනතාව අතර බෙදා දිමට නියමිතයි.

ඒ අනුව සිංගප්පූරු වැසියන් මිලියන 2.7කට මෙම ප‍්‍රසාද දීමනාව හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව වාර්ෂික ආදායම සිංගප්පූරු ඩොලර්  28,000 ට අඩු පුද්ගලයින් හට ඩොලර් 300ක මුදලක් රජයේ ප‍්‍රසාද දීමනාව ලෙස හිිමිවනවා.

වාර්ෂික ආදායම සිංගප්පූරු ඩොලර් 28,001 සිට 100,000 දක්වා වන පුද්ගලයෙකු හට හිමිවන ප‍්‍රසාද දීමනාව සිංගප්පූරු ඩොලර්  200ක්.

වාර්ෂික ආදායම සිංගප්පූරු ඩොලර් ලක්ෂය ඉක්මවන පුද්ගලයෙකු හට සිංගප්පූරු ඩොලර් 100ක් රජයේ ප‍්‍රසාද දීමනාව ලෙස හිමිවනු ඇති.