Friday, March 29, 2024

General line - 0115112241

LTTEය සමූහ සාපරාධි සංවිධානයක්! ස්විට්සර්ලන්ත නීතිපති අධිකරණයට කියයි

සුහද වලිසිංහ - ජනීවා සිට




එල් ටී ටී ඊ සංවිධානය සමූහ සාපරාධි සංවිධානයක් ලෙස ස්විට්සර්ලන්ත රජයේ නීතිපති ජූලියට් නොටෝ එරට අධිකරණයට දන්වා තිබෙනවා. ඒ, එම සංවිධානයේ හිටපු සාමාජිකයින් 13 දෙනෙකුට එරෙහිව නඩුවක් ස්විට්සර්ලන්ත අධිකරණයේදී ඉකුත් දා විවාදයට ගැණුනු අවස්ථාවේදීයි.

එල් ටී ටී ඊ සංවිධානය සාපරාධි සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ බැවින් එම සංවිධානය සමූහ සාපරාධී සංවිධානයක් ලෙස හැඳින්විය හැකි බවයි ඇය අධිකරණයට දන්වා ඇත්තේ. මෙම සංවිධානය ජාත්‍යන්ත නීතියට පටහැනිව ක‍්‍රියා කර ඇති බවත් යුද නීතිය කිසිදු ආකාරයකින් සැළකිල්ලට ගෙන නොමැති බව ද ඇය අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ මේ වනවිට ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 50,000ක්. ඔවුන්ගෙන් බහුතරය ද්‍රවිඩ ජාතිකයින් වන අතර ඉන් සියයට 80ක් පමණ එල් ටී ටී ඊ සංවිධානයට අකමැත්තෙන් වුව ද මුදල් ආධාර ලබා දෙන බවයි වාර්තා වී ඇත්තේ. චෝදනාවට ලක්ව සිටින එල් ටී ටී ඊ සංවිධානයේ 13 දෙනා ස්විට්සර්ලන්තයෙන් පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 15.3ක් නිති විරෝධිව රැස් කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.