Thursday, April 18, 2024

General line - 0115112241

නැවත වරක් ඔහු යවන්නත් පුළුවන් නොයවන්නත් පුළුවන්! බි‍්‍රගේඩියර් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු ගැන හමුදාව කියන කතාව




ඉකුත් සමයේ කතා බහට ලක්වූ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු බි‍්‍රගේඩියර් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. නිදහස් දිනයේදී එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසකට ඔහු සිදු කළ අභිනයක් මෙලෙස දැඩි කතාබහට ලක්වුණා. බි‍්‍රගේඩියර්  ප‍්‍රියංකර ප‍්‍රනාන්දු යළි දිවයිනට ගෙන්වූයේ මන්දැයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තුගෙන් ප‍්‍රශ්න කළා.

බි‍්‍රගේඩියර් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු කාගේ හෝ බලපෑමක් මත යලි දිවයිනට ගෙන්වූයේ ද යන්න පිලිබඳව ද මාධ්‍යවේදීන් මෙහිදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කළා.

"ඔහුගේ සේවය අහිමි කිරීමක් නැහැ. විනය පරීක්ෂණයක් නැහැ. වරින් වර මේ නිසා ප්‍රශ්න මතුවීම නිසා ඔහු කැඳෙව්වා. ඒවා රාජ්‍ය සේවයේ පවතින නීති රීති. නැවත වරක් ඔහු යවන්නත් පුළුවන් නොයවන්නත් පුළුවන්." යැයි වැඩිදුරටත් පැවසුවා