Friday, March 29, 2024

General line - 0115112241

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කැඩිලා?




පසුගිය අය - වැය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් වෙත රුපියල් මිලියන 20 බැගින් ලබා දී ඇති බවට ශිවශක්ති ආනන්දන් මන්ත‍්‍රීවරයා ඉකුත් දා කළ ප‍්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (21) වාද විවාද ඇති වුණා. එම ප‍්‍රකාශයෙන් තම වරප‍්‍රසාද කඩ වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඊ සරවනබවන් මෙහිදී කියා සිටියේ.

අදාළ ප‍්‍රකාශයෙන් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද කඩවීම සම්බන්ධයෙන් සොයා බලා නිසි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස මන්ත‍්‍රීවරයා නායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින්. එහිදී නැගී සිටි සිවශක්ති ආනන්දන් මන්ත‍්‍රීවරයා ඊට විරුද්ධව අදහස් දැක්වීමත් සමගම ඔහු සහ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්තිරන් මෙහිදී කියා සිටියේ වරප‍්‍රසාද යටතේ මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට සිවශක්ති ආනන්දන් මන්ත‍්‍රීවරයාට අයිතියක් නොමැති බවයි.