Friday, March 29, 2024

General line - 0115112241

නවසීලන්තය පරදා ඕස්ට්‍රේලියාව ජය ගනී




නවසීලන්තයේ පැවති තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (21) සමත් වුණා. ඒ, නවසීලන්ත කණ්ඩායම ලකුණු 19කින් පරාජය කරමින්. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ජය තීරණය වුයේ ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුවයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 9ක්දැවී ලකුණු 150ක් රැස් කළා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 14යි පන්දු 4ක් අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා. එම පන්දුවාර සංඛ්‍යාව අවසන් වන විට නවසීලන්තය ලබා සිටියේ ලකුණු 103ක් පමණයි. ඒ අනුව, ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ලකුණු 19ක ජයක් හිමි වුණා.