Thursday, April 25, 2024

General line - 0115112241

සයිටම් සිසුන්ට ජනපති නියමයෙන් රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වෙන්න වරම්




මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් කොතලාවල ආක්ෂක විෂ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡොවකදී මෙම තීරණයට එළැඹ තිබෙනවා. 

නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.