Thursday, April 25, 2024

General line - 0115112241

මෙතෙක් හමුවූ කාලතුවක්කුවලින් මේක වෙනස් - පුරාවිද්‍යා නිලධාරීන් වෙනස පැහැදිළි කරයි (PHOTOS)

අමදෝරු අමරජීව




ත්‍රිකුණාමලය මහා රෝහලට හදිසි අනතුරු ඒකකයක් ඉදිකිරිමට අත්තිවාරම් කපමින් සිටියදී හමු වූ යටත් විජිත යුගයට අයත් බවට සැලකෙන කාලතුවක්කු කොටස ඊයේ (21) ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයට රැගෙන එනු ලැබුවා.

මෙම කාල තුවක්කුව යටත් විජිත සමයේ හමුවු සෙසු කාලතුවක්කුවලට වඩා වෙනස් වන්නේ එහි පිටුපස  කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කර සේවා නූලට ගිණි දැල්වීම සඳහා සිදුරක් තබා තිබීම බවයි සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස පැවසුවේ.

ටොන් අටක් බර අඩි 11ක් දිග මෙම කාලතුවක්කුව ක්‍රිස්තු වර්ෂ 1700  ගණන්වල මෙම ස්ථානයේ සවිකර තිබු එකක් බවත් එය පිහිටි පොලවට සම්බන්ධව තිබෙන්නට ඇති බවත් පසුව කාලයාගේ ඇවෑමෙන්  පස් තට්ටුවලින් වැසි ගොස්  තිබෙන්නට හැකි බවත් අනාවරණය පුරාවිද්‍යා අංශ පැහැදිළි කරනවා.

මෙහි භාවිතා කර ඇති ලෝහය ඉතා ශක්තිමත් එකක් බවද හඳුනාගෙන තිබෙනවා.