Saturday, April 20, 2024

General line - 0115112241

ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයින් තිදෙනෙකු විවේක ගන්වයි?




ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රභල කී‍්‍රඩකයින් තිදෙනෙකු විවේක ගන්වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (22) වාර්තා කළා. ඉන්දීය නායක විරාත් කෝලි මෙන්ම වේග පන්දු යවන්නන් වන ජස්පි‍්‍රට් බුම්රා හා බුවනේෂ්වර් කුමාර් එම කී‍්‍රඩකයින් තිදෙනායි.

ඉන්දීය තේරීම් කමිටු ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ මෙම කි‍්‍රඩකයින් තිදෙනාට විවේකයක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. දකුණු අපි‍්‍රකාවේදී පූර්ණ තරගාවලියකට මෙම කී‍්‍රඩකයින් තිදෙනාම අඛණ්ඩව සහභාගී වුණෘ. ඒ අනුව නිදහස් කුසලානයේදී ඔවුන්ට විවේකයක් ලබා දී ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට එක් කර ගැනීමටයි අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත් නිදහස් කුසලානයට සහභාගී වන ශී‍්‍ර ලංකා ඉන්දීය සහ බංග්ලාදේශ යන කණ්ඩායම් මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නැහැ.