Saturday, April 20, 2024

General line - 0115112241

මැදපෙරදිග පුරා යුද භීතිය! කලාපීය යුද ගැටුමක අවධානමක්




සිරියානු යුද්ධය හේතුවෙන් නුදුරේදීම කලාපීය යුද ගැටුමක් වුවද ඇති විය හැකි බවට ඉරානය අනතුරු ඇඟවීමක් නිකුත් කළා. එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ මැදපෙරදිග සෑම ස්ථානයකම මේ වනවිට යුද්ධයේ භීතිය පැතිර ඇති බවයි.

ඒ අනුව සිරියාව මෙන්ම එරට අසල්වැසි රටවල්වල වත්මන් තත්ත්වයද ඉතා සංකීර්ණ බව ඔහු පෙන්වා දෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඊශ‍්‍රායල සිදු කර ඇති තර්ජන පදනම් කර ගනිමින් ඉරානය මෙම අනතුරු ඇ`ගවීම නිකුත් කර ඇති බවයි.