Thursday, April 25, 2024

General line - 0115112241

මහා බලවතුන්ට මානව හිමිකම් චෝදනා




ලෝක ප‍්‍රකට මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, ලෝක නායකයින් කිහිපදෙනෙකුට චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ඇතැම් කි‍්‍රයාකාරකම් හරහා මානව හිමිකම් උල්ලංඝණය වන බවට චෝදනා කරමින්. 

චෝදනාවට ලක්වූ ලෝක නායකයින් අතර ජාත්‍යන්තරයේ ප‍්‍රබල චරිත ලෙස නම් දරා සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම චීන ජනාධිපති සී ජින්පින් හා ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සීසී ද වනවා. 

මෙම නායකයින්ගේ ඇතැම් මතභේදාත්මක ප‍්‍රතිවිරෝධී කි‍්‍රයාකාරකම්, ජනතා උද්ඝෝෂණ හා විරෝධතාවන්ටද මග පාදා ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩිදුරටත් සඳහන් කළා. 2017 වසරේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව එළි දක්වමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය මෙම කරුණු අනාවරණ කර තිබෙනවා.