Tuesday, April 23, 2024

General line - 0115112241

සහෝදරයින්ගේ සටනින් අද ඇරඹෙන පාසල් ක්‍රිකට් වසන්තය




පාසල් මහා කි‍්‍රකට් තරග සමය අද (23) ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාලය අතරයි. 55 වන වරට පැවැත්වෙන මෙම තරගය සහෝදරයින්ගේ සටන ලෙසයි නම් කර ඇත්තේ.

තරගය කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. මෙතෙක් පැවති තරග අතරින් තර්ස්ටන් විද්‍යාලය තරග 5 ක් ද ඉසිපතන විද්‍යාලය තරග 4 ක් ද ජය ගැනීමට සමත් වුණා. ජය පරාජයකින් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 45 ක්.