Wednesday, April 24, 2024

General line - 0115112241

කාලගුණයේ වෙනසක්




දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ති‍්‍රක්කයටත් වැසි වාර කිහිපයක් ඇති  වන බවයි පැවසෙන්නේ.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ති‍්‍රක්කවලටද වැසි ඇති විය හැකියි. ශීත කාලගුණය උදෑසන සහ රාති‍්‍රයේ තවදුරටත් පැවතිය හැකි බවද දිවයිනේ දකුණු අර්ධයේ ප‍්‍රදේශවල මීදුම් තත්ත්වයක්ද අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.