Thursday, April 25, 2024

General line - 0115112241

කාර්ය මණ්ඩලයේ කාන්තාවක් සමග ඇසුර නිසා නි. අගමැති ඉල්ලා අස්වෙයි




ලෝක දේශපාලනයේ තවත් පෙරළියක් අද සිදුවුණා. ඒ,  ඕස්ටේ‍්‍රලියාවේ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය බානබී ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි.

ඔහුට එරෙහිව නීතිවිරෝධී ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමග මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉකුත්දා තහවුරු වුණේ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ හිටපු සාමාජිකාවක් සමග ඔහු අයථා සම්බන්ධයක් පවත්වා ඇති බවයි.

ඒ සමගම  ඕස්ටේ‍්‍රලියාවේ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා තාවකාලිකව නිවාඩු ලබාගත්තා.

මීට පෙර ඉතියෝපියානු අග‍්‍රාමාත්‍යවරයා හා දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයාටද ධුරයෙන් ඉවත්වීමට සිදුවුණා.