Friday, April 19, 2024

General line - 0115112241

මාස 09ක්වූ සිය දරුවාගේ කටේ දැල්වෙන දුම්වැටියක් තැබූ පියා (PHOTOS)




සිය මාස 09ක් වූ දරුවාගේ කටේ දල්වන ලද දුම්වැටියක් තැබූ පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම ක්‍රියාව දැක්වෙන කම්පනකාරී ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුවයි.

ඉන්දුනීසියාවෙන් වාර්තා වන මෙම පුවතට අනුව අදාළ මාස 09ක් වන දරුවාගේ කටේ පියා විසින් එම දුම්වැටිය තබා 18 හැවිරිදි බිරිඳට ඡායාරූපයක් ගන්නයැයි පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මවද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.