Saturday, April 20, 2024

General line - 0115112241

බල අරගලයෙන් ආර්ථිකය මකර කටට

ඩිල්ෂාන් මඩවල




රුපියලේ අගය දිනෙන් දින කඩා වැටෙමින් තිබීම ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයේ තවත් නරක ප‍්‍රතිඵලයක් බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. ඊයේ ගණුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වූයේ රුපියල් 157.2 ක්. එහි ගැණුම් මිළ රුපියල් 153.24 ක් වුණා. 

මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන  ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ රුපියලේ අගය දිගින් දිගටම කඩා වැටීමේ දිගුව උද්දමනය වැඩිවීම වියහැකි බවය.

ආනයනික අමුද්‍රව්‍ය මත යැපෙන දේශීය කර්මාන්තද තර්ජනයට ලක්ව ඇති බව ආචාර්ය ජනක් කුමාරසිංහ මෙහිදී පෙන්වා දුන්නා. ඩොලර්වලින් ලබාගත් ඩොලර්වලින් ගෙවිය යුතු ණය බරද මේ සමග වැඩිවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. පවතින බල අරගලය හේතුවෙන් ආර්ථිකය දිනෙන් දින අගාධයට යමින් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.