Friday, April 26, 2024

General line - 0115112241

සතිමත්බව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇරඹුණු මොහොත (PHOTOS)




සතිමත්බව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

 

, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

සති පාසල පදනම විසින් සංවිධානය කර ඇති මෙම සමුළුව පෙබරවාරි 25 දක්වා කොළඹදී පැවත්වෙනවා.

 

මෙහි සමාරම්භක අවස්ථාවට සති පාසල නිර්මාතෘ පූජ්‍ය මීතිරිගල තිස්සරණ වන සේනාසනයේ අධිපති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ රටවල් 10 ක් නියෝජනය කරමින් නායක හිමිවරුන් ද වැඩමකර සිටියා.