Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රීදේවි නික්ම යෑමට පෙර පෙනී සිටි අවසන් වීඩියෝව (VIDEO)

නවෝද්‍යා ගමගේ




ඉන්දීය සුපිරි නිලි ශ්‍රීදේවි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇය සහ පවුලේ සාමාජිකයින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මංගල සාදයකට සහභාගී වෙමින් සිටියදී බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 54ක්.

ඇය පෙනී සිටි අවසන් වීඩියෝව යැයි සඳහන් කරමින් කෙටි වීඩියෝවක්ද මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත එක් වී තිබෙනවා.

 

(පහතින් දැක්වෙන්නේ ශ්‍රීදේවි රංගනයෙන් දායකත්වය දැක්වූ සිනමා පටයක ජනප්‍රිය ගීතයකි.)

 

---------------------------

බොලිවුඩ් සිනමාවේ සළකුණ 'ශ්‍රීදේවි' නික්ම යයි

(25-02-2018 06:22)

 

ඉන්දීය ප‍්‍රවීණ රංගන ශිල්පිනී ශ‍්‍රීදේවි අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

ඒ, ඩුබායිහි රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

හෘදයාබාධයක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඇය සහ පවුලේ සාමාජිකයින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

මිය යන විට ශ‍්‍රීදේවි 54 වන වියේ පසුවුණා.

ඇය සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 12දියි. 

ඉන්දීය චිත්‍රපටවල රඟ පෑමට පෙර ඇය දමිල,තෙලිඟු සහ මලයාලම් චිත්‍රපටිවලට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.  

ෆිල්ම් ෆෙයාර් සම්මාන 10කට නිර්දේශ වු ඇය එයින් 5ක්ම දිනාහැනීමටද සමත් වුණ.

සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ බොනී කපුර්ගේ බිරිඳ වන ඇය ඉන්දීය නිලි කුශී කපූර්ගේ මවද වනවා.