Friday, March 29, 2024

General line - 0115112241

අද රටින් ගිය සහ තව සුළු මොහොතකින් යන ඇමතිවරු මෙන්න

ටී කේ ජී කපිල - කටුනායක




සති කිහිපයක සිට කතාබහට ලක්වූ කැබිනට් සංශෝධනය අද (25) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව නව කැබිනට් මණ්ඩලය අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කටයුතු එසේ තීරණය වෙද්දී අද (25) දින වත්මන් ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙකු රටින් පිටවීමට සැළසුම් කර තිබෙනවා.

අමාත්‍ය අර්ජුන රණතුංග අද (25) දින අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. - 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබෙනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (25) දින දහවල් 1.55 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත්ව යෑමට නියමිතයි.

අමාත්‍ය සරත් අමුණුගම අද (25) දින දහවල් 2.35 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L. - 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර අද (25) දින දහවල් 12.50 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය බවත් සඳහන්.