Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙක් රටින් ගියේ මේ නිසාලු

කසුන් කැලුම්




කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන අද (25) දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු විදේශ ගතවීමට පියවර ගෙන තිබෙනවා.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඊයේ (24) රාත‍්‍රියේ  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වුණා.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගේ මතය වී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කළ යුතු බවටයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ගත් තීරණයට තිලංග සුමතිපාල ප‍්‍රමුඛ මෙම ජ්‍යෙෂ්ඨයින් විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නව කැබිනට් සංශෝධයට විරෝධය දැක්වීමක් ලෙසයි තිලංග සුමතිපාල හා සුසිල් පේ‍්‍රමජයන්ත් විදේශගත වීමට තීරණය කර ඇත්තේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම එක් කිරීම සඳහා තිලංග සුමතිපාල විසින් ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කළ බවයි දේශපාලන ආරංචි පැවසුවේ.