Wednesday, April 24, 2024

General line - 0115112241

එජනිස අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය ඉදිරියේ දී

හේමන්ත කහවලගේ




අද (25) සිදු කරන ලද නව කැබිනට් සංශෝධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු අතර වෙනස්කම් කිහිපයක් සිදු වුණා.

එහෙත් ඒ සඳහා ඇතුළත්ව සිටියේ එක් ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු පමණයි.

තොරතුරු වාර්තා වෙන අන්දමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය  තවත් සති දෙකකින් සිදු කිරීමට නියමිත බවයි සඳහන් කෙරුණේ.

නව කැබිනට් සංශෝධනයන්ට අනුව සිදු වූ වෙනස්කම් පහතින් දැක්වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍ය.

රවීන්ද්‍ර සමරවීර තිරසාර හා වනජීවි කැබිනට් අමාත්‍ය.

සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය.

ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන කැබිනට් අමාත්‍ය.

කබීර් හෂීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය.

හරීන් ප්‍රනාන්දු ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය.

පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.

අජිත් පී පෙරේරා පුනරුත්තාපන හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය.

ජේ. සී. අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.

හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.