Friday, April 19, 2024

General line - 0115112241

නව කැබිනට් සංශෝධනයේ ඡායාරූප සියල්ල මෙතැනින්




නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිස ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්  ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූවා.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ,

කැබිනට් අමාත්‍යවරු

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  – නීතිය හා සාමය පිළිබද අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල           – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

කබීර් හෂීම්                       – උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

සාගල රත්නායක               – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු                   – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

රවින්ද්‍ර සමරවීර                 – තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

පියසේන ගමගේ               – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අජිත් පී. පෙරේරා             – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය

හර්ෂ ද සිල්වා                  – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

ජේ.සී. අලවතුවල            – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප්‍රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසුවා. රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ද ඉදිරියේදී සිදුකරන බව ජනාධිපතිතුමා සඳහන් කළා.

රටේ ජනතාවගෙන් ලැබී ඇති පණිවිඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදු කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු ඉදිරි වැඩපිළිවෙළ සාර්ථකව කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

(ඡායාරූප පහතින් දැක්වෙයි)