Friday, March 29, 2024

General line - 0115112241

චීන ජනපතිගේ ධූර කාලය තවත් දිගු කරන්න මගක් සොයයි

පවිත්‍රා මදුහර්ෂණි




චීන ජනාධිපති සී ජින් පින්ගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා.

2013 වසරේදී පළමුවරට චීනයේ ජනාධිපතිධුරයට පත් සී ජින් පින් පසුගිය වසෙර්දී යළිත් දෙවන වරටත් ජනාධිපතිධූරයට තේරී පත්වුණා. ඒ  පාලක පක්ෂයේ බහුතර සහාය ඇතිවයි. 

එරට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය වසර 05කට සීමා වනවා. එසේම එක් පුද්ගලයෙකු හට ජනාධිපතිධූරයට තේරී පත්විය හැක්කේ අවස්ථා දෙකකදී පමණයි.

ඒ අනුව දෙවන වරටත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ සී ජින් පින්ගේ ධූර කාලය 2023 වර්ෂය දක්වා කී‍්‍රයාත්මක වනු ඇති.

කෙසේවෙතත්  ඔහුට ඉන් ඔබ්බට චීනයේ පාලන බලය දැරිය හැකිද යන්න විවාදාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එහෙත් ව්‍යවස්ථාමය සංශෝධනයකින් හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලය වැඩි කිරීම කොමියුනිස්ට් පක්ෂයේ උත්සහය වී ඇති බව සඳහන්. මා  ඕ සේතුනගෙන් පසුව එරට බලවත්ම ජනාධිපතිවරයා ලෙස කොමියුනිස්ට් පක්ෂය සී ජින් පින් හඳුන්වනවා.