Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ ඡන්ද මධ්‍යස්ථානයක පිපිරීමක්

පවිත්‍රා මදුහර්ෂණි




ඉන්දියාවේ නාගල්න්ද් ප‍්‍රාන්තයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් තුළ පිපිරුමක් සිදුව තිබෙනවා.

නාගලන්ද් ප‍්‍රාන්තයේ ව්‍යවස්ථා සභා මැතිවරණය අද (27) පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම් කටයුතු පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථායක් තුළයි මෙම පිපිරුම සිදුව ඇත්තේ.

කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බයක් ඡන්ද මධ්‍යස්ථානය තුළදී පුපුරා ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ප‍්‍රහාරයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.