Thursday, April 25, 2024

General line - 0115112241

අම්පාරට දැඩි රැකවල් - වත්මන් තත්ත්වය මෙන්න (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල - අම්පාර




අම්පාර නගරයේ ආපන ශාලාවක දි ආහාර ගැනීමට ගිය පුද්ගලයෙකුට ලබා දුන් ආහාර වේලෙහි කිසියම් පෙති වර්ගයක් තිබීම නිසා දෙපිරිසක් අතර ඇතිවු උණුසුම් වාතාවරණයේදි තිදෙනෙකු තුවාල ලබා ඇති අතර කඩවල් 04 කට සහ ආගමික ස්ථානයකට  හානි සිදුවි තිබෙනවා.

ඊයේ (26) නවයට පමණ අම්පාර පන්සල් හන්දිය අසළ ආපන ශාලාවකදි මෙම සිදුවිම වි ඇති අතර පසුව අම්පාර පොලීසියේ නිලධාරීන් පැමිණ මේ පිලිබදව පරීක්ෂණ ආරම්භ කළා. සිද්ධිය පිලිබදව උරණ වු පිරිස් විසින් වෙළදසැල් කිපයකට  පහර දි ඇති අතර එය නැවත්වීමට පොලීසිය උත්සහ කළත් පොලීසියට තත්වය පාලනය කිරීමට නොහැකි  වුණා. තත්වය පාලනය කිරීමට අමතර පොලිස් බල ඇණි, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ හමුදාව කැඳවූවා.

අම්පාර දිසාපති තුසිත පි.වනිගසිංහ, නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  කපිල ජයසේකර, ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වෙනි සේනාංකාධිපති මේජර් ‍ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු නිලධාරීන් සිද්ධිය සැලවූ වහාම මෙම ස්ථානයට පැමිණ තත්වය පාලනය කිරීමට පියවර ගත්තා.

ඊයේ රාත්‍රියේ සිට අම්පාර නගරයේ අනාරක්ෂිත බව හැඟෙන සියලුම පුජනීය ස්ථාන සදහාද ආරක්ෂාව ලබා දීමටද මෙම නිලධාරින් කටයුතු කර තිබේ.

පවතින තත්වය පිලිබදව සාකච්ඡා කිරීම සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක නිලධාරීන් අම්පාර දිසාපති කාර්යාලයේදි  විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා. මින් ඉදිරියේදි මෙවන් තත්වයක් ඇති නොවිමට කටයුතු කිරිමට සියලු පාර්ශවයන් එකගතාවය පල කරනු ලැබිය. ගැටුමට හේතුවූ ආහාර රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පොලීසිය කටයුතු කරන බවද මෙහිදි පැවසුවා.

මෙම අවස්ථාවේදි කලහාකාරී ලෙස හැසිරුණු පිරිස් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නැගෙනහිර දිසාව භාරජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ගුණසේකර සදහන් කළේ.පවතින තත්වය යහපත් අතට පත්වෙන තුරැ අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්ෂාව සැලසීමටද මෙම සාකච්චාවේදී තීරණය වුණා.