Friday, March 29, 2024

General line - 0115112241

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොරකර ගනී (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා.

වවුනියාව හි ස්ථිර පදිංචි එමානුවෙල් සාමුවෙල් නමැති 26 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

සිසුවා සිය දෙමාපියන් සමග නවාතැන්ගෙන සිටි යාපනය පලාලි වීදියල කන්දර්මඩම මංසන්ධියහි නවාතැන් පොළ තුළ තිබි මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ සිසුවා‍ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට මූලික නිරීක්ෂණයේදී තහවුරු වි ඇති අතර, මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහලේදී අද (28) පැවැත්වීමට නියමිත බවය.

විභාග පීඩනය හමුවේ අදාළ සිසුවා මියගිය බවට සැකයක් පවතින බවයි තතුදත් ආරංචි පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.