Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී දේවිය දැක ගන්න රසිකයින් දස දහස් ගණනක් හැඬූ කඳුළින් පෝලිමේ! බොලිවුඩ් තරු සිය ගණනක් ඒ අතර (PHOTOS)




ශී‍්‍රදේවිගේ දේහය ඊයේ (27) රාති‍්‍රයේ පෞද්ගලික ගුවන් යානයකින් ඉන්දියාවට රැගෙන ආවා. ඒ අවස්ථාවේ සිට මේ දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඇයගේ රසික රසිකාවියන් අඛණ්ඩව පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දශක පහකට අධික කාලයක් ඉන්දීය සිනමාව ආලෝකමත් කළ ශී‍්‍රදේවී රගපා ඇති චිත‍්‍රපට සංඛ්‍යාව 300 කට ආසන්නයි. සුපිරි නළුවෙකුගේ සහායක් නොමැතිව බොක්ස් ඔෆිස් වාර්තා බිහි කළ නිළියන් අතලොස්ස අතරට ශී‍්‍රදේවිද අයත්. ඇය සැලකෙන්නේ ඉන්දියාවේ පළමු සුපිරි නිළිය ලෙසයි.

ශී‍්‍රදේවී රංගනයෙන් දායකත්වය දැක්වූ අවසන් චිත‍්‍රපටය වන ‘සීරෝ‘ දෙසැම්බර් 31 වනදා තිරගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දස දහස් සංඛ්‍යාත රසික රසිකාවියන් කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇයගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පෝලිමේ සිටිවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බොලිවුඩ් නළු නිළියන් විශාල ප්‍රමාණයක්ද ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා.