Friday, March 29, 2024

General line - 0115112241

නෙත් එෆ්.එම්. ශ්වේත පූජා සමග පිංකම් රැසක් හැටන් ශ‍්‍රී නීග්‍රෝධාරාමයේදී (PHOTOS)




මැදින්පුර පසළොස්වක පෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන හැටන් ශ‍්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒ යටතේ අද උදෑසන සිට පිංකම් රැසක් සිදු කෙරුණා.

මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙන රාත‍්‍රී ධර්ම දේශනාව පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් රාත‍්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. රාත‍්‍රී 8 සිට රාත‍්‍රි 9 දක්වා පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් මෙහෙයවන ගිතෙල් පහන් පූජාව පැවැත්වෙනවා.

එම වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා. FM 94.8 සහ 95 ඔස්සේ ඊට සවන්දිය හැකිය.

 

------------------------------------------
නෙත් එෆ්.එම්. ශ්වේත පූජා පිංකම අද ශ්‍රී නිග්‍රෝධාරාමයේදී

01-03-2018 05:57

නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පුජා පොහොය දින වැඩසටහන හැටන් ශී‍්‍ර නීග්‍රෝධාරාම විහාරස්ථානයේදී අද (01) සිදු කෙරෙනවා.

මෙම වැඩසටහන ආරම්භ වුයේ අළුයම උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලය සමාදන් කරවීමෙන්. පෙරවරු 08.00ට පුජ්‍ය ලේනව මංගල හිමියන් විසින් සිදු කෙරෙන ධර්ම දේශනයක් පැවැත්වෙනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ එය සජීව ලෙස ශ‍්‍රවණය කිරිමටද හැකියි.

පෙරවරු 09.15 සිට 10.15 දක්වා ධර්ම සාකච්ඡාවක්ද පැවැත්වෙනවා. එයද නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීව ලෙස ප‍්‍රචාරය කෙරෙනු ඇති.

පෙරවරු 11.00 සිට 11.30 දක්වා දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වෙනවා. පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව අද සිදු කෙරෙන්නේද හැටන් ශී‍්‍ර නීග්‍රෝධාරාම විහාරස්ථානයේ සිටයි.

රාති‍්‍ර 07.00සිට පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් විසින් සිදු කෙරෙන ධර්ම දේශනයක් පැවැත්වෙනවා. රාති‍්‍ර 08.00 සිට පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් විසින් මෙහෙයවනු ලබන ගිතෙල් පහන් පූජාවක්ද සිදු කිරීමට නියමිතයි. 

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝවේ ශ්වේත පුජා වැඩසටහනට සමගාමීව හැටන් පොලීසිය අද දන්සැලක්ද සංවිධාන කර තිබෙන බවයි හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ. එල්. මොහොමඞ් ජෙමිල් කියා සිටියේ.