Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති  රාජ්‍ය බැංකු ප්‍රධානීන් හමුවෙයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ජාතික ආර්ථීක සභාව මගින් ආර්ථීක පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිඛෙන අතර මෙහිදී ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් සහ රාජ්‍ය බැංකු සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියා.