Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට ඉල්ලන පුටින් ලෝකයම හෙල්ලෙන දෙයක් කියමින් අනාගත සැලසුම හෙළිකරයි




රුසියාව විසින් කිසිවෙකුට පරාජය කළ නොහැකි කෲස් මිසයිලයක් සංවර්ධනය කර ඇති බව එරට ජනාධිපති ව්ලැදිමීර් පුටීන් පවසනවා. රුසියානු ජනාධිපතිවරණයට දින 17ක් ඉතිරිව තිබියදී සිය ඉදිරි සැළසුම් ඉදිරිපත් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව කියා සිටියා.

වීඩියෝ දර්ශන සහිතව සිය කතාව ඉදිරිපත් කළ රුසියානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එම මිසයිලය ලොව  ඕනෑම් ස්ථානයක ඉලක්කයක් වෙත යොමු කළ හැකි බවයි. අමෙරිකාව හෝ වෙනත් බලවතෙකුට එය නතර කළ නොහැකි බව ද රුසියානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.  මෙම ඉදිරිපත් කිරීමේදී තවත් නවීන ආයුධ කිහිපයක් ද ප‍්‍රදර්ශන කර ඇති බවයි විදෙස් පුවත් සේවා අනාවරණ කළේ.