Friday, April 19, 2024

General line - 0115112241

හෙල්ල විසිකිරීමේ ශූරයාට තරග තහනමක්




ඉන්දිය හෙල්ල විසිකිරීමේ ශූර දේවේන්ද්‍ර සිං ට තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික තහනම් උත්තේජක පාලන ඒජනිසිය පියවර ගෙන තිබෙනවා.  ඒ, ඔහු තහනම් උත්තේජක භාවිත කර ඇති බවට ඉකුත් දා සිදු කළ පරීක්ෂණයකදී තහවුරු වීම හේතුවෙන්.

දේවේන්ද්‍ර සිංට මෙම තීරණයට එරෙහිව බී සාම්පල පරික්ෂාවකට යොමු වීමේ අවස්ථාව පවතිනවා. එහිදී ද ඔහු වරදකරු බවට තහවුරු වුවහොත් වසර 4ක තරග තහනමක් පැනවෙනු ඇති. පසුගිය ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලැබූ දේවේන්ද්‍ර සිං ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට ද සුදුසුකම් සපුරා සිටියා.