Saturday, April 20, 2024

General line - 0115112241

සුලෝහිත හා ශාන්තුවරයින්ගේ ක්‍රිකට් සංග්‍රාම අද සහ හෙට ඇරඹෙයි

කසුන් කැලුම්




කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවැත්වෙන 89 වන සුලෝහිත ක‍්‍රිකට් සංග‍්‍රාමය හෙට (03) ආරම්භ වනවා. ඒ, කොළඹ එස් එස් සී පිටියේදීයි. ආනන්ද විද්‍යාලීය කණ්ඩායමට මෙවර නායකත්වය ලබාදෙන්නේ අසේල සිගේරායි. කොළඹ නාලන්ද විද්‍යාලීය කණ්ඩායමට ලක්ෂිත රසාංජන නායකත්වය ලබා දෙනවා. සුලෝහිත ක‍්‍රිකට් සංග‍්‍රාමයේ මේ දක්වා වැඩිම ජයග‍්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. ඔවුන් අවස්ථා 12ක දී සුලෝහිත ක‍්‍රිකට් සංග‍්‍රාමය ජය ගැනීමට සමත් වු අතර නාලන්ද විද්‍යාලය අවස්ථා 06කදී එම තරගය ජය ගත්තා. 

මේ අතර කොළඹ සාන්ත ජෝශප් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර පැවැත්වෙන 84 වැනි සාන්තුවරයන්ගේ ක‍්‍රිකට් සංග‍්‍රාමය ද අද (02) ආරම්භ වනවා. ඒ, කොළඹ පී සරා  ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි. සාන්තුවරයන්ගේ ක‍්‍රිකට් සංග‍්‍රාමයේ මේ දක්වා වැඩිම ජයග‍්‍රහණ සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇත්තේ සාන්ත ජෝශප් විද්‍යාලයයි. ඔවුන් අවස්ථා 12ක දී සාන්තුවරයන්ගේ ක‍්‍රිකට් සංග‍්‍රමය ජයගත්  අතර සාන්ත පීතර විද්‍යාලය අවස්ථා 10ක්ද එම තරගාවලිය ජය ගත්තා. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 61ක්. 

මෙවර තරගාවලියේ දී සාන්ත ජෝශප් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා යොවුන් පිල ද නියෝජනය කළ ජෙහාන් ඩැනියෙල්. සන්තුෂ් ගුණතිලක විසින් සාන්ත පීතර විද්‍යාලීය පිල මෙහෙයවනවා. ඔහු ද ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයෙක්. සාන්ත පීතර විද්‍යාලය අවසන් වරට සාන්තුවරයන්ගේ ක‍්‍රිකට් සංග‍්‍රාමයක් ජයගත්තේ 2016 වසරේදීයි. සාන්ත ජෝශප් විද්‍යාලය අවසන් වරට 2008 වසරේ දී සාන්තුවරයන්ගේ සටන ජය ගත්තා.