Thursday, April 25, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ කඩුළු 3ක් දැවී යයි




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 3ක් දැවී ලකුණු 55ක් රැස්කර ගෙන සිටියා.

ආරම්භක පිකිතරු චීන් එල්ගර් ලකුණු 07කට දැවී ගිය අතර එයිඞීන් මාක්රම් ලකුණු 32කට දැවී ගියා.

හෂීම් අම්ලා ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේයි.  තරගයේ දෙවන දිනය වන අද (02) සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 351කට දැවී ගියා.

ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළේ මිචෙල් මාර්ෂ්.

ඔහු ලකුණු 96කට දැවී ගියා. පන්දු යැවීමේදී කේෂාව් මහරාජ් ලකුණු 123කට කඩුළු 05ක් බිඳ හෙලූවා.