Friday, March 29, 2024

General line - 0115112241

තරගයේ වැඩි වාසි ඕස්ට්‍රේලියාවට




දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය නිමා වනවිට තරගයේ වැඩි වාසිය අත්කර කර ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්වුණා. ඒ, දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම, ලකුණු 162කට සීමා කරමින්.

දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම වෙනුවෙන් ඒ බී ඩිවිලියස් නොදැවී ලකුණු 71ක් රැස් කළා. මිචෙල් ස්ට‍්‍රක් ලකුණු 34කට කඩුළු 05යි. ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 351ක්. ඒ අනුව දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමට වඩා ඕස්ටේ‍්‍රලියාව ලකුණු 189ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ  ඩර්බන්හිදීයි.