Thursday, March 28, 2024

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට(PHOTOS)

කසුන් කැලුම්




නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම අද (04) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඉන්දිය කණ්ඩායමද අද (04) රාත‍්‍රී 8.30ට පමණ දිවයිනට පැමිණීමට නියමිතයි. නිදහස් කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 6වනදා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සියලූ තරග කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

-------------------

බංග්ලාදේශ නායකයාට නිදහස් කුසලානය අහිමි වෙයි (03-03-2018 18:20)

නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20 තරගාවලියට එක්වීමේ අවස්ථාව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ට අහිමි වී තිබෙනවා.

ඇඟිගිල්ලේ ආපාධයක් හේතුවෙන් ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලියට ද සහභාගී වූයේ නැහැ.

එම ආබාධය තවමත් පූර්ණ ලෙස සුව නොවීම හේතුවෙන් ශකීබ් අල් හසන් බංග්ලාදේශ 20යි 20 සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, නිදහස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී මොහොමදුල්ලා බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති. ශකීබ් අල් හසන් වෙනුවට ලිටන් දාස් බංග්ලාදේශ 20යි 20 සංචිතයට ආදේශ කර තිබෙනවා.

------------------

ඉන්දිය සහ බංග්ලාදේශ කණ්ඩායම් හෙට දිවයිනට (03-03-2018 18:42)

නිදහස් කුසලාන 20යි 20 තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දිය සහ බංග්ලාදේශ කණ්ඩායම් හෙට (04) දිවයිනට පැමිණෙනවා. බංග්ලාදේශ කණ්ඩායම හෙට (04) පස්වරු 4.50ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

ඉන්දිය කණ්ඩායම හෙට (04) රාත‍්‍රී 8.30ට දිවයිනට පැමිණීමට නියමිතයි. නිදහස් කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 6වනදා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියේ සියලූ තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.