Friday, April 19, 2024

General line - 0115112241

කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලයට ලැබුණු පණිවුඩයෙන් දසුන් සහ දික්වැල්ලට කැරිබියන් ක්‍රිකට් අහිමි වෙයි

කසුන් කැලුම්




කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා සාන්ත ලූසියා කණ්ඩායමට මෙවර තෝරා ගැනුනු දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ලට එම තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.  

එ්, එම තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී මෙරටදී ලන්කන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීම හේතුවෙන්.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ මෙම කි‍්‍රඩකයින් දෙදෙනා කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගි නොවන බව කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලයට මේ වන විට දැනුම් දී ඇති බවයි.

එ් අනුව දසුන් ශානකට සහ නිරෝෂන් දික්වැල්ලට එම තරගාවලියට කී‍්‍රඩා කිරීමට අවසර ලබානොදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

කැරිබියන් පී‍්‍රමියර් ලීග් කී‍්‍රඩක වෙන්දේසියේදී නිරෝෂන් දික්වැල්ලට අමෙරිකානු ඩොලර් පහලොස් දහසක් සහ දසුන් ශානකට අමෙරිකානු ඩොලර් පන්දහසක වටිනාකමක් හිමි වුණා.

කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන අගෝස්තු මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එම කාලසීමාවේදීම පැවැත්වෙන ලන්කන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ආකර්ෂණීය ලෙස පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරීයා වැඩිදුරටත් කියා සිටියේ.