Wednesday, April 24, 2024

General line - 0115112241

ධවල මන්දිරය ඉදිරිපිට පුද්ගලයෙකු වෙඩි තබා ගනී

නවෝද්‍යා ගමගේ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ වොෂිංටන් නුවර ධවල මන්දිරය ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

අමෙරිකානු රහස්‍ය සේවා පැවසා ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 5.00ට පමණ සැකකරු පෙන්සිල්වේනියා පටුමග ඔස්සේ ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණ ඇති බවයි.

සිද්ධිය වන අවස්ථවේදී විශාල ජනකායක් ධවල මන්දිරය අසළ සිටියද කිසිඳු පුද්ගලයෙකුට ඉන් හානියක් සිදුව නැහැ.

එම අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද ධවල මන්දිරය තුළ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තබාගත් පුද්ගලයාගේ නම සහ තොරතුරු මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැහැ.