Friday, March 29, 2024

General line - 0115112241

ලෝක ඉතිහාසය වෙනස් කළ ධාවන ශූරයා ජීවිත ගමනට සමුදෙයි




සැතපුමක දුරක් මිනිත්තු 4කට වඩා අඩුකාලයකින් අවසන් කළ ලොව පළමු ධාවකයා ලෙස ලෝක වාර්තා අතරට එක්ව සිටි එංගලන්තයේ ශී‍්‍රමත් රොජර් බැනිස්ටර් අභාවප‍්‍රාප්ත වුණා. ඒවන විට ඔහුගේ වයස අවුරුදු 88ක්.

1954 වසරේ මැයි මස 06වනදා ඔක්ස්ෆ්ර්ඞ් නුවරදී ඔහු මෙම වාර්තාව බිහි කළේ සැතපුමක දුරක් මිනිත්තු 3යි තත්පර 59.4කදී ධාවනය කරමින්. ඉන්පසුව 1954 වසරේ පැවැති පොදු රාජ්‍යය මණ්ඩලීය තරගාවලියේ ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමටද ශී‍්‍රමත් රොජර් බැනිස්ටර් සමත්වුණා.

පසුව ඔහු ප‍්‍රකටව සිටියේ ස්නායු විශේෂඥයෙකු ලෙසයි. 2011 වසරේ පාකින්සන් රෝගයට ගොදුරු වූ ශී‍්‍රමත් රොජර් බැනිස්ටර් ඔක්ස්ෆ්ර්ඞ් නුවරදී මිය ගිය බවයි විදෙස් වාර්තා පැවසුවේ.