Friday, March 29, 2024

General line - 0115112241

බංගලියන් සහ ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණේ - ඇඳුම වෙනස් කරගත් ශ්‍රී ලංකා පිළත් පිටියට එන්න සැරසේ (PHOTO) (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර




හෙට (06) ආරම්භ වන නිදහස් කුසලාන පන්දු වාර 20 තුන්කොන් කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඇඳුම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

නෙත් ස්පෝස්ට්මන් වෙත වාර්තා වන පරිදි 90 දශකයේ අග භාගයේ ශී‍්‍ර ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුමට සමාන වන පරිදි නව ඇඳුම නිර්මාණය කර ඇති බවයි.

නිදහස් කුසලානයේ ලාංඡනයද මෙම ඇඳුමට එක් කර තිබෙනවා. වාර්තා වන පරිදි නව ඇඳුම නිදහස් කුසලානය සඳහා පමණක් භාවිත කරනු ඇති බවටයි පැවසෙන්නේ. 

නිදහස් කුසලානය අරඹමින් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පළමු තරගය ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී හෙට පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම මෙන්ම ඉන්දීය කණ්ඩායමද මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා.